මෙවර “බුද්ධ රශ්මි” වෙසක් කලාපය අවම විදුලි හා ඉන්ධන පිරිවැයකින් සංවිධානය කිරීමට තීරණය කර තිබේ.
ඒ පිළිබඳ අවසන් සාකච්ඡාව ඊයේ (20) අරලියගහ මන්දිරයේ හිදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
වෙසක් උත්සවය වෙනුවෙන් ඉන්ධන හා විදුලි භාවිතයට අදාළ රෙගුලාසි ලිහිල් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කර ඇති අතර, කලාපයේ සංවිධාන හා සම්බන්ධීකරණ කටයුතු පිළිබඳවද අවධානය යොමු කර තිබේ.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පෙර වසරවලට සාපේක්ෂව මෙවර බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ. ගංඟාරාම
විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සඳහන් කළේ, ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් සැදැහැවතුන්ගේ සිත්පහන් කරවන අයුරින් වෙසක් කලාපය සැරසීමට කටයුතු කරන බවයි.
එමෙන්ම මෙවර “බුද්ධ රශ්මි” වෙසක් කලාපය රාත්‍රී 7.00 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට නියමිත බවද උන්වහන්සේ පැවසූහ.




