WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සංචාරකයින් රැගත් සුඛෝපභෝගී නෞකාව කොළඹට

I
Ishanka Jayasuriya
May 21, 2026 · 1 min read
157 viewsf𝕏W
සංචාරකයින්  රැගත් සුඛෝපභෝගී නෞකාව කොළඹට
සංචාරකයින් 2,380 දෙනෙකු රැගත් “Mein Schiff 6” නමැති සුඛෝපභෝගී මඟී නෞකාව අද කොළඹ වරායට වෙත ළඟා වී තිබේ.
වරාය අධිකාරිය  සතු ECT ජැටියට පැමිණි මෙම නෞකාව මෝල්ටා ධජය යටතේ යාත්‍රා කරන අතර, එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 951 දෙනෙකු සේවය කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.
දිගින් මීටර් 295ක් සහ පළලින් මීටර් 42ක් වන මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවද වාර්තා වේ.
නෞකාවෙන් පැමිණි සංචාරකයින් පිළිගැනීම සඳහා සංස්කෘතික කලා සංදර්ශනද සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා අදාළ සංචාරක සමාගම් කටයුතු යොදා තිබිණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අඩු විදුලි හා ඉන්ධන භාවිතයෙන් මෙවර “බුද්ධ රශ්මි” වෙසක් කලාපය
Next
ඉබෝලා එන්නත සුදානම්කිරීමට මාස 9ක්

More in Breaking News