WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඉබෝලා එන්නත සුදානම්කිරීමට මාස 9ක්

I
Ishanka Jayasuriya
May 21, 2026 · 1 min read
157 viewsf𝕏W
ඉබෝලා එන්නත සුදානම්කිරීමට මාස 9ක්
ලෝක සෞඛ්‍ය සංවිධානය  පවසන්නේ නව ඉබෝලා වෛරස් ප්‍රභේදයට එරෙහි එන්නතක් සූදානම් කිරීමට මාස නවයක් දක්වා කාලයක් ගතවිය හැකි බවයි.
Bundibugyo ප්‍රභේදයට එරෙහිව භාවිත කළ හැකි බවට අපේක්ෂා කරන එන්නත් දෙකක් මේ වනවිට සංවර්ධනය කරමින් පවතින නමුත්, ඒවා තවමත් සායනික පරීක්ෂණ සඳහා යොමු කර නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය.
මේ අතර WHO ප්‍රධානී  ටෙඩ්‍රොස් ආදනම් ගෙබ්‍රෙයෙසස් ප්‍රකාශ කළේ, ඉබෝලා ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් 600කට ආසන්න සංඛ්‍යාවක් සහ සැකකටයුතු මරණ 139ක් වාර්තා වී ඇති බවයි.
වෛරසය හඳුනා ගැනීම සඳහා ගතවන කාලය හේතුවෙන් මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු අනතුරු අඟවා ඇත.
පළමු රෝගීන් වාර්තා වූ කොංගෝහි රෝගීන් 51 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, අසල්වැසි උගන්ඩා රාජ්‍යයෙන්ද ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා මෙම තත්ත්වය “ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්” ලෙස ප්‍රකාශයට පත් කළද, එය මෙතෙක් ගෝලීය වසංගත මට්ටමකට පත්ව නොමැති බව සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සංචාරකයින් රැගත් සුඛෝපභෝගී නෞකාව කොළඹට
Next
Hello Kitty සමඟ ප්ලාස්ටික් ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක්

More in Breaking News