WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

Hello Kitty සමඟ ප්ලාස්ටික් ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක්

I
Ishanka Jayasuriya
May 21, 2026 · 1 min read
159 viewsf𝕏W
Hello Kitty සමඟ ප්ලාස්ටික් ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක්
ලෝකප්‍රසිද්ධ Hello Kitty චරිතය ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර  පරිසර සංරක්ෂණය සහ වගකීම් සහගත ප්ලාස්ටික් භාවිතය පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනකට එක්ව තිබෙනවා.
ශ්‍රී ලංකා මධ්‍යම  පරිසර අධිකාරිය සහ   ජපාන  ජාත්‍යන්තර  සහයෝගිතා  නියෝජිතායරරතනය  එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150කට වැඩි පිරිසක්ද සහභාගී වී ඇත.
මෙම ව්‍යාපෘතිය “ප්ලාස්ටික් කළමනාකරණ ධාරිතාව ශක්තිමත් කිරීමේ තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතිය” යටතේ ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දැනුම්වත්භාවය ඉහළ නැංවීම මෙහි අරමුණයි.
එමෙන්ම Sanrio සමාගම සමඟ එක්ව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් “Plastic Smart” ගීතයද නිර්මාණය කර තිබෙනවා.
මෙම වැඩසටහන “Clean Sri Lanka” ජාතික වැඩසටහනටද සහය ලබාදෙන අතර, පාසල් සහ ප්‍රජා මට්ටමින් තවත් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉබෝලා එන්නත සුදානම්කිරීමට මාස 9ක්
Next
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක නව මිල පරාස නිකුත් වෙයි

More in Breaking News