අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි "සෙනෙහසේ කැදැල්ල" වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ දරුණු ගින්නෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු මියයාමත් සමඟ එම අනතුරේ මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ.
පෙරේදා (03) සිදුවූ මෙම ගින්නෙන් තවත් පුද්ගලයන් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව වෛද්‍ය අංශ විශේෂ අවධානයෙන් පසුවන බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේදී වැඩිහිටි නිවාසයේ පුද්ගලයන් 72 දෙනෙකු රැඳී සිට ඇති අතර, ගින්න හටගත් මුල් අවස්ථාවේදීම පුද්ගලයන් 10 දෙනෙකු ගොඩනැගිල්ල තුළදී මියගොස් තිබුණි.
මෙරට වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයකින් වාර්තා වූ බරපතළම ගිනි අනතුරු අතරට එක්ව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙයි.




