Fox News සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ “Project Freedom” මෙහෙයුමේ යෙදී සිටින අමෙරිකානු නාවික වත්කම් ඉලක්ක කර ඉරානය ප්‍රහාරයක් එල්ල කළහොත්, එයට අතිශය විනාශකාරී ප්‍රතිචාරයක් ලබාදෙන බවයි.
ඔහු අනතුරු ඇඟවූයේ එවැනි ප්‍රහාරයක් සිදුවුවහොත් ඉරානය දැඩි ප්‍රතිවිපාකවලට ලක්විය හැකි බවයි.
තවද, පවතින පීඩනය හමුවේ ටෙහෙරාන් පාලනය සාකච්ඡා වේදිකාවේදී වැඩි නම්‍යශීලී ප්‍රවේශයක් අනුගමනය කරමින් සිටින බවත් ඔහු සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




