හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත ඇතුළු වීමට උත්සාහ කළ ඉන්දීය ධජය යටතේ ගමන් කළ නෞකා දෙකක් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව “Jag Aav” නමින් හඳුන්වන භාණ්ඩ ප්‍රවාහන නෞකාව සහ “Sanmar Herald” නමින් හඳුන්වන තෙල් ප්‍රවාහන නෞකාව යන දෙකම සමුද්‍ර සන්ධිය ආසන්නයට පැමිණීමෙන් අනතුරුව යළි හරවා යවා ඇත.
නෞකා ගමන් මාර්ග නිරීක්ෂණ දත්ත අනුව, මෙම නෞකා දෙකම හෝමුස් සමුද්‍ර සන්ධියට පිවිසීමට පෙර මාර්ගය වෙනස් කර ඇති බව තහවුරු වී තිබේ.
මෙම පියවර ගෙන ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය විසින් ගත් තීරණයත් සමඟ බව වාර්තා වෙයි.




