WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හැරේ

I
Ishanka Jayasuriya
April 24, 2026 · 1 min read
265 viewsf𝕏W
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හැරේ
ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිතා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
අද (24) දින මෙම නඩුව වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.
ඒ අනුව, රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප හතරක් මත සැකකරු මුදා හැරීමට අධිකරණය නියම කළේය.
මෙම සිද්ධියට සම්බන්ධව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරන විමර්ශනයකට අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුත්‍රයන් දෙදෙනා සහ සතොස හිටපු ප්‍රවාහන කළමනාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව නඩුව ගොනු කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
NDB බැංකු වංචා විමර්ශනය ඉන්දියාවට බාරදෙයි
Next
ඉරාන විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා සඳහා ඇමරිකා නියෝජිතයින් පාකිස්ථානයට

More in Breaking News