WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

NDB බැංකු වංචා විමර්ශනය ඉන්දියාවට බාරදෙයි

I
Ishanka Jayasuriya
April 24, 2026 · 1 min read
255 viewsf𝕏W
NDB  බැංකු  වංචා  විමර්ශනය ඉන්දියාවට බාරදෙයි
මෑතකදී අනාවරණය වූ රුපියල් බිලියන 13.2ක වංචා චෝදනාව සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක් සඳහා NDB බැංකුව විසින් ඉන්දියාවේ Deloitte Touche Tohmatsu India LLP ආයතනය පත් කර තිබේ.
මෙම විමර්ශන කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කර, එම නිර්දේශයන්ට අනුකූලව සිදු කරන බව බැංකුව සඳහන් කර ඇත.
පාලන ක්‍රමවේද, අධීක්ෂණය සහ ගනුදෙනු සම්බන්ධව ඇති විය හැකි අඩුපාඩු ඇතුළු සියලු කරුණු මෙම වෝහාරික විගණනය මගින් සොයා බැලීමට නියමිතය.
එහි අතරමැදි වාර්තා සහ අවසාන සොයාගැනීම් සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කරන බවද NDB බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මෛත්‍රී වික්‍රමසිංහගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී
Next
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හැරේ

More in Breaking News