ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුව, බොරතෙල් මෙට්‍රික් ටොන් 95,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට ළඟා වීමට නියමිතයි. එම නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණෙන බව සඳහන් වේ.
එමෙන්ම, මෙට්‍රික් ටොන් 9,500ක් ඩීසල් රැගත් තවත් නෞකාවක් අනිද්දා දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බවත් එම සංස්ථාව වැඩිදුරටත් දැනුම් දෙයි.




