රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහ විසින් කළ ලිඛිත ඉල්ලීමක් අනුව, ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය පෙබරවාරි 20 දින කොල්ලුපිටිය පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද, ඇගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නිවසේදී ප්‍රකාශය ලබාගැනීමට අවසර ලබාදෙන ලෙස ඇය ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න විසින්ද වෛද්‍ය වාර්තා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇයගේ ප්‍රකාශය නිවසේදී සටහන් කරගැනීමට අවධානය යොමු කරන ලෙස ඉල්ලා ඇත.
ඒ අනුව, අදාළ ප්‍රකාශය ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් 24 වනදා ඇගේ නිවසට ගොස් ප්‍රකාශය සටහන් කරගෙන ඇත.
මේ අතර, වජිර අබේවර්ධන පවසන්නේ, හිටපු ජනාධිපතිවරයා හෘද සැත්කමකින් පසු සුවය ලබමින් සිටින අවස්ථාවක එවැනි ක්‍රියාවක් සිදු වීම පිළිබඳ කනගාටුවට පත්වන බවයි.




