පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන, අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් හෙට (27) දින ප්‍රසිද්ධියේ දහනය කර විනාශ කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම දහන කටයුතු හෙට උදෑසන 09.00ට පුත්තලම වණාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ස්ථාපිත විශේෂ දහන උඳුන තුළදී සිදු කිරීමට සියලු සැලසුම් සකස් කර ඇත.
මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 22යි ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 172ක් සහ ගංජා කිලෝග්‍රෑම් 247යි ග්‍රෑම් 940ක් දහනය කිරීමට නියමිතය.
අදාළ මත්ද්‍රව්‍ය තොග හෙට උදෑසන 05.00ට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන්ද, උදෑසන 07.30ට හලාවත මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන්ද දැඩි ආරක්ෂාව යටතේ දහන ස්ථානය වෙත රැගෙන ඒමට නියමිතය.




