WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

නාවුල නාලන්දේ බස් අනතුරක් –

I
Ishanka Jayasuriya
April 26, 2026 · 1 min read
217 viewsf𝕏W
නාවුල නාලන්දේ බස් අනතුරක් –
දඹුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගයේ නාවුල නාලන්ද ප්‍රදේශයේදී බස්රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් අද (26) උදෑසන 9.20ට පමණ සිදුව තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකි.
අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් නාලන්ද ප්‍රාදේශීය රෝහලට සහ මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබේ. එයින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
මෙම අතර, පෞද්ගලික බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ලංකා ගමනාගමන මණ්ඩල බස් රථයේ රියදුරු පලාගොස් ඇති බව සඳහන් වෙයි.
අනතුර සිදුවන අවස්ථාවේ කථානායකවරයාද මහනුවර මාර්ගයෙන් කොළඹ වෙත ගමන් කරමින් සිට ඇති අතර, තුවාලකරුවන් ඉවත් කර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ඔහු විසින් සහාය ලබා දී ඇති බව ද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාවුල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සාම පා ගමනේ පස්වන දිනය අදයි
Next
මත්ද්‍රව්‍ය තොගයක් හෙට පුත්තලමේදී දහනය කරයි

More in Breaking News