“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද (26) තෝලංගමුව ජාතික පාසල අසලින් ආරම්භ විය.
අද දිනයේ පාද යාත්‍රාව යක්කල අබේසේකරාරාමය දක්වා ගමන් කිරීමට නියමිත අතර, හෙට දිනයේ එම ස්ථානයෙන් කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබේ.
අප්‍රේල් 28 වනදා පාද යාත්‍රාවට සමගාමීව කැලණිය රජමහා විහාරයේ පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, අනතුරුව පාද යාත්‍රාව නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කරනු ඇත.
එදින මෙම සාම පා ගමනට අදාළ රාජ්‍ය උත්සවය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙම පාගමන පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරය සිට වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් ආරම්භ කර තිබේ.




