
Add captionබුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධව භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් සිදු කළ ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව ත්‍රෛනිකායික මහානාහිමිවරුන් විසින් දැඩි ලෙස හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන් වන්නේ, උතුම් බුද්ධ චීවරය හා භික්ෂු ශාසනය ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් සිදුකළ මෙම ක්‍රියාව සමාජයටද හානිකර වන බවයි.
මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින්ට නිසි දඬුවම් ලබාදිය යුතු බවද මහානාහිමිවරු අවධාරණය කරති.
තවද, ඉදිරියේදී මෙවැනි සිද්ධීන් වැළැක්වීම සඳහා සසුනෙන් නෙරපීම වැනි ක්‍රියාමාර්ග ගන්නා යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාවද ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම තරුණ භික්ෂූන් නීති විරෝධී කටයුතු වෙත පොළඹවා ගන්නා මත්ද්‍රව්‍ය ජාල සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකර නෛතික පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙතද මහානාහිමිවරුන් ඉල්ලා සිටී.
සෑම තරුණ භික්ෂුවක් පිළිබඳව අවධානයෙන් සිටිමින්, ශාසන විරෝධී කටයුතු වලට යොමුවන අවස්ථාවලදී ඒවා වැළැක්වීමට ආචාර්යන් වහන්සේලා නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවද එම නිවේදනයෙන් අවධාරණය කර




