WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අගමැතිනී හරිනි අමරසූරිය කතරගම පුදබිම වැඳපුදා ගනියි

I
Ishanka Jayasuriya
April 28, 2026 · 1 min read
219 viewsf𝕏W
අගමැතිනී හරිනි අමරසූරිය කතරගම පුදබිම වැඳපුදා ගනියි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පසුගිය අප්‍රේල් 26 වැනිදා ඓතිහාසික කතරගම පුදබිම වැඳපුදා ගැනීම සඳහා එක්විය.
ප්‍රථමයෙන් ඇය ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරය වෙත ගොස්, විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ මුණගැසී ආශිර්වාද ලබාගත්තාය.
අනතුරුව කිරිවෙහෙර අභියස ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරිය, පසුව ඓතිහාසික විෂ්ණු කතරගම මහා දේවාලයේ සන්ධ්‍යා පූජාවට ද සහභාගි වූවාය.
එමෙන්ම කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වෙතින් ද ආශිර්වාද ලබාගෙන තිබේ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා, ව්‍යාපාරික දයානන්ද බෝඹුවල මහතා, කතරගම ප්‍රාදේශීය සභා සභාපති එච්.එම්. හේරත් මහතා සහ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හිටපු ජනපති මෛත්‍රීපාල අල්ලස් කොමිසමට
Next
බගවන්තලාව බස් අනතුරින් සිසුන් 10ක් බරපතළ තත්ත්වයේ

More in Breaking News