බගවන්තලාව ප්‍රදේශයේ පාසල් සිසුන් රැගෙන ගිය බස් රථයක් අද උදෑසන අනතුරට ලක්වීමෙන් සිසුන් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.
එම අතරින් බරපතළ තත්ත්වයේ පසුවන සිසුන් දසදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වේ.
අද උදෑසන 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ රාණිකාඩු - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදීය.
රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පාසල් වෙත සිසුන් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
බගවන්තලාව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ ජයසූරිය මහතා සඳහන් කළේ, තුවාල ලැබූ සියලු සිසුන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි.
පෞද්ගලික බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසි කාර්මික දෝෂයක් හටගැනීමෙන් රියදුරුට එය නතර කිරීමට අපහසු වී ඇති අතර, අවසානයේ බස් රථය මාර්ගය අසල පස් කන්දක ගැටීමට සලස්වා නතර කර තිබේ.




