චාල්ස් රජු සහ කැමිලා රැජින සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ තිබේ.
මෙරිලන්ඩ් ප්‍රාන්තයේ ඇන්ඩෘස් හමුදා ගුවන් කඳවුරට පැමිණි ඔවුන් පසුව ධවල මන්දිරයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් විසින් පිළිගනු ලැබීය.
2007 වසරේ දෙවන එලිසබෙත් රැජිනගේ සංචාරයෙන් පසු බ්‍රිතාන්‍ය රජෙකු ඇමරිකාවට පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
චාල්ස් රජු අඟහරුවාදා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය ඇමතීමට නියමිත අතර, එහිදී ජාත්‍යන්තර අභියෝග හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ඇතැයි වාර්තා වේ.
එමෙන්ම නේටෝ සංවිධානයට සහාය ලබාදීම සහ යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඔහු අවධානය යොමු කරනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.




