WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ජකර්තා අසල දුම්රිය අනතුරින් 14ක් මරුට

I
Ishanka Jayasuriya
April 28, 2026 · 1 min read
208 viewsf𝕏W
ජකර්තා අසල දුම්රිය අනතුරින් 14ක් මරුට
ඉන්දුනීසියානු අගනුවර ජකර්තා ආසන්නයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 84 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාර්යාල සේවා දුම්රියක් සහ දුරගමන් දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
අනතුරෙන් මැදිරි කිහිපයක මගීන් සිරවී ඇති අතර ඔවුන් මුදාගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
අනතුරේ දැඩි බලපෑම එල්ල වී ඇත්තේ කාන්තාවන් සඳහා පමණක් වෙන් කළ මැදිරියකට වන අතර, මියගිය සියලු දෙනා කාන්තාවන් බවද වාර්තා වේ.
මෙම සිද්ධිය හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් තාවකාලිකව සීමා කර ඇති බවද සඳහන්ය.
ඉන්දුනීසියාවේ ගොඩබිම් ප්‍රවාහන අනතුරු නිතර වාර්තා වන අතර, 2024 වසරේ බටහිර ජාවා ප්‍රදේශයේ සිදුවූ දුම්රිය ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සිව්දින රාජ්‍ය සංචාරයකට චාල්ස් රජු ඇමරිකාවට
Next
මැගසින් බන්ධනාගාර මරණයට නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

More in Breaking News