WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මැගසින් බන්ධනාගාර මරණයට නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 28, 2026 · 1 min read
206 viewsf𝕏W
මැගසින් බන්ධනාගාර මරණයට නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට
කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ ආරවුලක් අතරතුර රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බන්ධනාගාර ජේලර්වරයෙකු සහ නියාමකවරයෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
ඊයේ (27) පෙරවරුවේ රැඳවියන් දෙදෙනෙකු සහ නියාමකවරයෙකු අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, එහිදී තිදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
එලෙස රෝහල්ගත කළ රැඳවියන්ගෙන් එක් අයෙකු පසුව මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 37 හැවිරිදි නවගම්පුර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සිද්ධියට අදාළව තවත් බන්ධනාගාර නියාමකවරයෙකු අද (28) උදෑසන බොරැල්ල පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ජකර්තා අසල දුම්රිය අනතුරින් 14ක් මරුට
Next
ශානි - රවී පෙත්සමේ තීන්දුව පසුවට

More in Breaking News