හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (29) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.
ජනාධිපති ධුරය දරන සමයේ සිය බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩනයට යාමේදී රජයේ මුදල් අවභාවිතා කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබේ.
මේ අතර, නඩුවට අදාළ විමර්ශන කටයුතු යටතේ පසුගිය අප්‍රේල් 24 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.
ඇය විසින් ලිඛිතව කළ ඉල්ලීමකට අනුව නිලධාරීන් ඇගේ නිවසට ගොස් එම ප්‍රකාශය ලබාගෙන තිබූ බව වාර්තා වේ.




