WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඉන්දියාවේදි ශ්‍රී ලාංකිකයෙකුට පහරදීම අමාත්‍ය රාමලංගම් හෙළාදකි

I
Ishanka Jayasuriya
April 29, 2026 · 1 min read
263 viewsf𝕏W
ඉන්දියාවේදි  ශ්‍රී ලාංකිකයෙකුට පහරදීම අමාත්‍ය  රාමලංගම් හෙළාදකි
ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන දරුණු ලෙස පහරදීමේ සිදුවීම දැඩි ලෙස හෙළා දකින බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි. මෙය බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් බවත්, දෙරට අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් ඔහු අවධාරණය කළේය.
ඕනෑම රටක මූලික වගකීම ජනතාවගේ ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම අමානුෂික ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවද සඳහන් කළේය.
තවද ඉන්දීය ධීවරයින් දිගු කාලයක සිට ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වුවද, ශ්‍රී ලාංකික ධීවරයින් බොහෝ අවස්ථාවලදී ඔවුන් සමඟ සහෝදරත්වයෙන් කටයුතු කළ බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, එවැනි අක්‍රමවත් ධීවර ක්‍රියා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් හා දේශීය ධීවර ජීවනෝපායයට බරපතල හානි සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ගැටළු විසඳීම සඳහා ඉන්දීය බලධාරීන් සමඟ මට්ටම් කිහිපයක සාකච්ඡා පැවැත්වී ඇති බවත්, නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාවය පවතින බවත් ඔහු අවධාරණය කළේය.
අදාළ පහරදීම සම්බන්ධයෙන් වහාම සාධාරණ පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට නීතිමය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රනිල්ට එරෙහි පොදු දේපොළ නඩුව අද යළි කැඳවයි
Next
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම

More in Breaking News