හෙට (30) පැවැත්වීමට නියමිත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට තමන්ට සහභාගී වීමට නොහැකි බව භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ලිඛිතව දැනුම් දී තිබේ.
මෙම කරුණ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තහවුරු කර ඇත.
අදාළ හමුව හෙට දිනට නියමිතව තිබූ අතර, එහිදී භාණ්ඩාගාර ලේකම්වරයා පෙනී සිටීමට අපේක්ෂිතව සිටි බව සඳහන් වේ




