ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සමගි ජන බලවේගයේ දරන තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔහු පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉවත්වීමට නියමිතය.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙම කරුණ තහවුරු කර ඇත.




