WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

බට්ටි අක්කා අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 29, 2026 · 1 min read
242 viewsf𝕏W
බට්ටි අක්කා අත්අඩංගුවට

කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව, රතනජෝති මාවතේ පිහිටි නිවසක් වටලා කළ මෙහෙයුමකදී මහාපරිමාණ කේරළ ගංජා ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම විශේෂ කාර්ය බලකායේ හොරණ කඳවුරට අනුයුක්ත මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක් වන අතර, “බට්ටි අක්කා” යන අනුවර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි.
ඇය, බොම්බුවල නවින් නමැත්තාගේ ජාලයට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කදනආරච්චිගේ නුවන් ඉරේෂ් ප්‍රනාන්දුගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදු කළ අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.
සැකකාරිය සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 750ක්, රුපියල් 110,000ක මුදලක් සහ විද්‍යුත් තරාදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන සඳහා ඇය කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
යුද්ධය සඳහා ඩොලර් බිලියන 25ක් වැය වූ බව පෙන්ටගනය කියයි
Next
“හෝමාගම ගගන”ගේ වෙඩික්කරු අත්අඩංගුවට

More in Breaking News