WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

“හෝමාගම ගගන”ගේ වෙඩික්කරු අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 29, 2026 · 1 min read
202 viewsf𝕏W
 “හෝමාගම ගගන”ගේ වෙඩික්කරු අත්අඩංගුවට
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් හෝමාගම පිටිපන ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ ජාලයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා “හෝමාගම ගගන” නමැත්තාගේ වෙඩික්කරු ලෙස ක්‍රියා කළ බවට සැක කරන අයෙකු බව පොලිසිය පවසයි.
ඊයේ (28) සිදුකළ මෙම මෙහෙයුමේදී සැකකරු සතුව තිබී ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත ගිනිඅවියක්, මැගසිනයක් සහ උණ්ඩ 5ක්ද සොයාගෙන ඇත.
සැකකරු හෝමාගම පිටිපන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි, ඇඹිලිපිටිය ප්‍රදේශයේ 41 හැවිරිදි කොඩිතුවක්කු කම්කානම්ගේ ලසන්ත නොහොත් “අංජු” නමැත්තා බව හඳුනාගෙන තිබේ.
මෙම සැකකරු හෝමාගම, පාදුක්ක, හංවැල්ල, මීගොඩ, කොස්ගම සහ නවගමුව ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට සම්බන්ධ විය හැකි බවටද සැක පළ වී ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
ඩුබායිහි අත්අඩංගුවේ සිටින “කොණ්ඩ රංජිත්” නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධ විමර්ශන මගින් ලැබූ තොරතුරු අනුව මෙම අත්අඩංගුව සිදු කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
එම ජාලයට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකුද මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, රුපියල් කෝටි 50කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 37ක්ද සොයාගෙන තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
බට්ටි අක්කා අත්අඩංගුවට
Next
මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කෙරේ

More in Breaking News