ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි අධිචෝදනා අද (30) කොළඹ මහාධිකරණය හමුවේ භාර දී තිබේ.
අදාළ නඩු විභාගය අතරතුර උන්වහන්සේ ඇප මත මුදා හැරීමටද අධිකරණය නියම කළ බව වාර්තා වේ.




