2026 අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.9කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2026 පෙබරවාරි අවසන් භාගයේදී ආරම්භ වූ මැද පෙරදිග ගැටුම් නිසා බාහිර අංශයට එල්ල වූ පීඩනයන් මෙම තත්ත්වයට හේතු වී ඇති බවද එම බැංකුව පෙන්වා දෙයි.
මහ බැංකුවේ අද නිකුත් කළ නිල දෛනික විනිමය අනුපාතිකයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.87ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 323.80ක් ලෙසත් දැක්වෙයි. නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රුපියල් 319.34ක් ලෙස වාර්තා වී ඇත.
එසේම 2026 මාර්තු මාසය අවසන් වන විට, චීන මහජන බැංකුව සමඟ පවතින විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළුව දළ නිල සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.0ක් ලෙස පැවති බව මහ බැංකුව සඳහන් කරයි.
විදේශ විනිමය මිලදී ගැනීම් සිදු කළද, විදේශ ණය සේවා ගෙවීම් හේතුවෙන් එම මාසය තුළ දළ නිල සංචිතය පහළ ගොස් ඇති බවද




