WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත අවදානම දරුණු මට්ටමට

I
Ishanka Jayasuriya
May 1, 2026 · 1 min read
225 viewsf𝕏W
බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත අවදානම දරුණු මට්ටමට
එක්සත් රාජධානියේ ත්‍රස්ත තර්ජන මට්ටම ‘සැලකිය යුතු’ මට්ටමේ සිට ‘දරුණු’ මට්ටම දක්වා ඉහළ නංවා තිබේ. ඒ අනුව ඉදිරි මාස හයක කාලය තුළ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමේ ඉඩකඩ වැඩි බව සඳහන් වේ.
මෙම තීරණය ගෙන ඇත්තේ උතුරු ලන්ඩනයේ ගෝල්ඩර්ස් ග්‍රීන් ප්‍රදේශයේ සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබූ සිද්ධියත් සමඟය. එම ප්‍රහාරයට සම්බන්ධ බවට 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යුදෙව් ජාතිකයන් දෙදෙනෙකුට තුවාල සිදුකළ එම ප්‍රහාරයේ වගකීම ඉරාන හිතවාදී ‘හරකාත් අෂාබ් අල්-යමින් අල්-ඉස්ලාමියා’ සංවිධානය භාරගෙන ඇත.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය බලධාරීන් පවසන්නේ තර්ජන මට්ටම ඉහළ දැමීම එම සිද්ධියට පමණක් සීමා නොවූවක් බවයි. පුළුල් ඉස්ලාමීය සහ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වල තර්ජන වැඩිවීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව සඳහන්ය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රටපුරා මැයි දින රැලි රැසක්
Next
රුපියල 2.9% පහළට

More in World