WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රටපුරා මැයි දින රැලි රැසක්

I
Ishanka Jayasuriya
May 1, 2026 · 1 min read
209 viewsf𝕏W
රටපුරා මැයි දින රැලි රැසක්
අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් මැයි රැලි සහ පෙළපාලි සංවිධානය කර ඇති අතර, කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රධාන මැයි රැලි 4ක් පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගය මෙවර දිස්ත්‍රික්ක 21ක මැයි රැලි 21ක් සංවිධානය කර ඇති අතර, අනුර කුමාර දිසානායක නුවරඑළිය සහ මහරගම රැලි සඳහා එක්වීමට නියමිතය.
සමගි ජන බලවේගය මැයි රැලිය පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය හිදී පැවැත්වෙන අතර, සර්වජන බලය රැලිය හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොරැල්ල කැම්බල් පිටිය හි රැලිය පවත්වන අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය රැලිය හයිඩ් පිටිය හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මේ අතර, අද පැවැත්වෙන මැයි දින රැලි හා පෙළපාලි හේතුවෙන් කොළඹ  ඇතුළු ප්‍රධාන නගර කිහිපයක විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් පොලිසිය  විසින් ක්‍රියාත්මක කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කම්කරු දිනය
Next
බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත අවදානම දරුණු මට්ටමට

More in Breaking News