WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කම්කරු දිනය

I
Ishanka Jayasuriya
May 1, 2026 · 1 min read
207 viewsf𝕏W
කම්කරු දිනය
මැයි දිනය හෙවත් ජාත්‍යන්තර කම්කරු දිනය සෑම වසරකම මැයි මස 1 වැනිදා ලොව පුරා සමරනු ලබන විශේෂ දිනයකි. මෙම දිනය කම්කරුවන්ගේ අයිතිවාසිකම්, ශ්‍රමය, කැපවීම සහ සමාජයට ඔවුන් කරන සේවය අගය කිරීම සඳහා වෙන් කර ඇත.
මැයි දිනයේ ආරම්භය 1886 වසරේ අමෙරිකාවේ චිකාගෝ නගරයේ සිදු වූ කම්කරු අරගලයකින් ආරම්භ විය. එහිදී කම්කරුවන් පැය 8ක සේවා මුරයක්, සාධාරණ වැටුප් සහ හොඳ සේවා කොන්දේසි ඉල්ලා විරෝධතා පැවැත්වූහ. එම අරගලය ඉතා වැදගත් ඉතිහාසගත සිදුවීමක් ලෙස සැලකේ.
ඉන් අනතුරුව 1889 වසරේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන විසින් මැයි 1 වැනිදා ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එතැන් සිට බොහෝ රටවල් මෙම දිනය නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකාව තුළද මැයි දිනය ඉතා උත්සවාකාරයෙන් සමරනු ලබයි. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ විවිධ සංවිධාන මැයි රැලි, පෙළපාලි සහ ජන හමුවීම් සංවිධානය කරයි.
මැයි දිනය මඟින් අපට මතක් කර දෙන්නේ සමාජයේ දියුණුව සඳහා කම්කරුවන් කරන මෙහෙවර අගය කළ යුතු බවත්, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතු බවත්ය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඩොලර් මිලියන 2.5 සිද්ධියට අදාළ නිලධාරියෙකු අබිරහස් ලෙස මියයයි
Next
රටපුරා මැයි දින රැලි රැසක්

More in Breaking News