WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඩොලර් මිලියන 2.5 සිද්ධියට අදාළ නිලධාරියෙකු අබිරහස් ලෙස මියයයි

I
Ishanka Jayasuriya
April 30, 2026 · 1 min read
246 viewsf𝕏W
ඩොලර් මිලියන 2.5 සිද්ධියට අදාළ නිලධාරියෙකු අබිරහස් ලෙස මියයයි
මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් එක් අයෙකු වන රංග රාජපක්ෂ මහතා අබිරහස් ලෙස මියගොස් තිබේ.
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඔහුගේ මළසිරුර කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොයාගෙන ඇති අතර, පසුව පවුලේ ඥාතීන් විසින් ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබේ.
ඒ අනුව කුලියාපිටිය පොලිසිය අදාළ ස්ථානයට පැමිණ මූලික විමර්ශන ආරම්භ කර ඇත.
ඔහුගේ මරණය ඝාතනයක්ද, සියදිවි හානි කරගැනීමක්ද, නැතහොත් අනතුරක්ද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රංග රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.
රංග රාජපක්ෂ මහතා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකු ලෙසද සැලකේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කුලියාපිටිය පොලිසිය විසින් සිදුකරයි
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මත්ද්‍රව්‍ය සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නව නීති
Next
කම්කරු දිනය

More in Breaking News