WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මත්ද්‍රව්‍ය සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නව නීති

I
Ishanka Jayasuriya
April 30, 2026 · 1 min read
229 viewsf𝕏W
මත්ද්‍රව්‍ය සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නව නීති
චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට වාර්තා වූ සිද්ධියෙන් අනතුරුව සසුනේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා නීති රීති කිහිපයක් දැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා විදේශගත වන්නේ නම් ගුරු හාමුදුරුවන්ගේ, ප්‍රදේශීය නායක හිමියන්ගේ සහ අදාළ නිකායේ මහනායක හිමියන්ගේ නිර්දේශ අනිවාර්යයෙන් ලබාගත යුතු බවයි.
මෙම නියමය පෙර සිට තිබුණද, පසුගිය කාලයේ එය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවද ඔහු පැවසීය.
ජනාධිපතිවරයා සහ ලේඛකාධිකාරී හිමිවරු අතර පැවති සාකච්ඡාවකින් පසු මෙම නියමය නැවත දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර, ඒ පිළිබඳ මහානායක හිමිවරුන් ද දැනුවත් කර ඇත.
එමෙන්ම ඊයේ (29) ලේඛකාධිකාරී හිමිවරුන්, නීතිපතිවරයා සහ බුද්ධශාසන අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී විහාර දේවාලගම් ආඥාපනත කඩිනමින් සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව අදාළ පනතේ වගන්ති අනුව මෙවැනි අවස්ථාවල තීරණ ගැනීමේ බලය මහානායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් මණ්ඩලයකට ලබාදීම සම්බන්ධයෙන්ද වැඩිදුර සාකච්ඡා පැවැත්වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
HSBC සිල්ලර බැංකු සේවා අදින් අවසන්
Next
ඩොලර් මිලියන 2.5 සිද්ධියට අදාළ නිලධාරියෙකු අබිරහස් ලෙස මියයයි

More in Breaking News