මෙරට කුරුඳු සඳහා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම මිල මේ දිනවල දැකිය හැකි බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 5,500 සිට 7,000 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක් මේ වනවිට රුපියල් 6,500ත් 7,000ත් අතර මිලකට අලෙවි වන බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.
මේ අතර, මෙම වසර තුළ මේ දක්වා කුරුඳු අපනයනයෙන් රුපියල් කෝටි 2,300ක ආදායමක් උපයාගෙන ඇති බවද වාර්තා වේ.




