මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 19ක කොටසේ ඉදිකිරීම් මේ මස අවසානයේ ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පවසයි.
මේ අතර, පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවද අමාත්‍යංශය සඳහන් කරයි.
එම කොටස ලබන වසරේ මාර්තු මාසය වන විට ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබේ.
කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් ද සියයට 50ක පමණ ප්‍රමාණයක් මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




