WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අග්‍රාමාත්‍යතුමිය පකිස්ථාන මහ කොමසාරිස් හමුවෙයි

I
Ishanka Jayasuriya
May 1, 2026 · 1 min read
229 viewsf𝕏W
 අග්‍රාමාත්‍යතුමිය පකිස්ථාන මහ කොමසාරිස් හමුවෙයි
ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර් මහතා ඊයේ (30) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී තිබේ.
මෙහිදී ‘දිට්වා’ සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාව වෙත පකිස්ථාන රජය ලබාදුන් අඛණ්ඩ සහාය පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය කෘතඥතාව පළ කළාය.
ගෞරවය, මිත්‍රත්වය සහ පොදු අභිලාෂයන් මත පදනම් වූ ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දිගුකාලීන සුහද සබඳතා පිළිබඳවද දෙපාර්ශවය මෙහිදී සිහිපත් කළහ.
අධ්‍යාපන, සංචාරක හා ක්‍රීඩා ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ජනතාව අතර සබඳතා පුළුල් කිරීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ.
මෙම අවස්ථාවට පකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස් සුනෙයිරා ලතීෆ්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අවුන් සාන් සූකී යළි නිවාස අඩස්සියට
Next
මත්ද්‍රව්‍ය වැටලීම්වලින් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය ඉක්මවයි

More in Breaking News