WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මත්ද්‍රව්‍ය වැටලීම්වලින් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය ඉක්මවයි

I
Ishanka Jayasuriya
May 1, 2026 · 1 min read
248 viewsf𝕏W
මත්ද්‍රව්‍ය වැටලීම්වලින් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය ඉක්මවයි
2025 ඔක්තෝබර් මාසයේ සිට 2026 අප්‍රේල් දක්වා කාලය තුළ “රටම එකට ජාතික මෙහෙයුම” යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කළ වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,932ක්, අයිස් කිලෝග්‍රෑම් 1,985ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 271ක් පොලීසිය භාරයට ගෙන තිබේ.
එම මෙහෙයුම්වලදී ගංජා, ගංජා පැල, කුෂ්, හෂීෂ්, මත්පෙති, මදනමෝදක සහ මාවා ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන්වලට අදාළව පුද්ගලයින් 163,197 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 2,719 දෙනෙකුට රැඳවුම් නියෝග ලබාගෙන ඇතැයි පොලීසිය පවසයි.
එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් 289 දෙනෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ද ආරම්භ කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අග්‍රාමාත්‍යතුමිය පකිස්ථාන මහ කොමසාරිස් හමුවෙයි
Next
යුද්ධය නිම කිරීමට ඉරානයෙන් නව යෝජනාවක් අමෙරිකාවට

More in Breaking News