WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

නව වැට් බදු සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

I
Ishanka Jayasuriya
May 3, 2026 · 1 min read
262 viewsf𝕏W
 නව වැට් බදු සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කෙරේ
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් එකතු කළ අගය මත බදු (VAT) සම්බන්ධ නව සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. මෙම නව බදු ක්‍රම ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නව සංශෝධන අනුව ඉලෙක්ට්‍රොනික වේදිකා මඟින් සපයන සේවාවන් සඳහාද වැට් බදු අයකිරීම ආරම්භ කිරීමට නියමිත අතර, ඩිජිටල් සේවා සඳහා බදු ලියාපදිංචි කිරීම සහ ගෙවීම සඳහා විශේෂ විධිවිධාන හඳුන්වා දී ඇත.
එමෙන්ම බදු ලියාපදිංචි කිරීම සඳහා වන සීමාද සංශෝධනය කර ඇති අතර, බදු අය කළ හැකි කාලසීමාවක් තුළ භාණ්ඩ හා සේවා සැපයුම්වල වටිනාකම රුපියල් මිලියන 09 ඉක්මවිය යුතු බවද දක්වා ඇත.
මීට අමතරව මූල්‍ය සේවා මත අය කෙරෙන වැට් බදු අනුපාතය 18% සිට 20.5% දක්වා වැඩි කිරීමටද යෝජනා කර ඇති අතර, මෙම නව බදු සංශෝධන ජූලි 01 සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රාජගිරියේ විදේශිකයින් 120ක් අත්අඩංගුවට
Next
තලංගමදී චීන ජාතිකයින් 37ක් අත්අඩංගුවට

More in Breaking News