වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ නියෝග මත, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍ර.පො.ප. අජිත් ශාන්ත ඇතුළු කණ්ඩායමක් විසින් තලංගම පොලිස් වසමේදී විශේෂ වැටලීමක් සිදුකර ඇත.
මෙහිදී 2026.05.01 වන දින ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම සහ පරිගණක අපරාධ සිදුකිරීම සම්බන්ධ සැක මත චීන ජාතිකයින් 37 දෙනෙකු (පිරිමි 36ක් සහ කාන්තාවක් 1ක්) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී පරිගණක 38ක්, ජංගම දුරකථන 194ක්, ටැබ් යන්ත්‍ර 34ක්, සිම්පත් 100ක් සහ නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ සිගරට් 2,100ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරුවන් තලංගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් 2026.05.08 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.




