මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා අද (03) පස්වරුවේ රාජ්‍ය සංචාරයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
ඔහු සමඟ ජනාධිපති ආර්යාව සහ මාලදිවයිනේ උසස් නිලධාරීන් 20 දෙනෙකු ද ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL 116 ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත සිදු කරන මෙම සංචාරය, මොහොමඩ් මුයිසු මහතා 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට සිදු කරන පළමු නිල සංචාරය ලෙස සටහන් වේ. ඔහු ලබන 06 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
මෙරටට පැමිණි මාලදිවයින් ධූත පිරිස පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.




