වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
මත්ද්‍රව්‍ය චෝදනාවකට සිර දඬුවම් විඳිමින් සිටි මෙම පුද්ගලයා බන්ධනාගාරය තුළින් පලායෑමට උත්සාහ කිරීමෙන් අනතුරුව නිලධාරීන් විසින් අල්ලාගෙන යළි බන්ධනාගාරයට රැගෙනවිත් ඇත.
ඉන් අනතුරුව ඔහු අසනීප තත්ත්වයට පත්ව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මරණයට පත්වූ බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විසින් විශේෂ විමර්ශන ආරම්භ කර ඇති අතර, රැඳවියාගේ ඥාතීන් බන්ධනාගාර නිලධාරීන් විසින් පහරදීමක් සිදුකර ඇති බවට චෝදනා කරයි.




