WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

VAT 20.5%ක් කරන බවට පැතිරෙන කතා අසත්‍යයි

I
Ishanka Jayasuriya
May 4, 2026 · 1 min read
198 viewsf𝕏W
VAT 20.5%ක් කරන බවට පැතිරෙන කතා අසත්‍යයි
එකතු කළ අගය මත බදු (VAT) ජූලි 01 සිට 20.5% දක්වා ඉහළ දැමෙන බවට පැතිරෙන වාර්තා වැරදි අර්ථකථනයක් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැහැදිලි කරයි.
ඔහු සඳහන් කරන්නේ නව සංශෝධනය යටතේ බැංකු හා මූල්‍ය ආයතන සඳහා මෙතෙක් වෙන්ව අය කළ 18% VAT සහ 2.5% සමාජ ආරක්ෂණ බද්ද එක්කර බදු පද්ධතිය සරල කිරීමක් සිදුකර ඇති බවයි.
ඒ අනුව, ජූලි 01 සිට 20.5%ක් ලෙස VAT එකක් පමණක් අය කෙරෙන අතර, වෙනම සමාජ ආරක්ෂණ බද්දක් අය නොකෙරෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම පියවර රජයේ බදු ප්‍රතිපත්තිය සරල කිරීමේ කොටසක් ලෙස ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මේ වසරේ ඩෙංගු මරණ 12ක්
Next
වැලිකඩ රැඳවියෙකු රෝහලේදී මරුට

More in Breaking News