කඩින් කඩ පවතින වර්ෂාපතනය සහ පරිසරයේ මදුරු බෝවීමට ඇති සුදුසු තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ හේතුවෙන් මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,846ක් වාර්තා වී ඇති බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය අද (04) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය.
එමෙන්ම මෙම කාලසීමාව තුළ ඩෙංගු මරණ 12ක්ද වාර්තා වී ඇති අතර, එම මරණ අතර වයස අවුරුදු 12ට අඩු ළමුන් දෙදෙනෙකුද සිටින බව ඇය පැවසීය.
ඒ අනුව කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් එම ළමුන් දෙදෙනාගේ මරණ වාර්තා වී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.




