මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමඟ හමු වී සාකච්ඡා පවත්වා තිබේ.
ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහත්වරුන් සමඟද හමුවී අදහස් හුවමාරු කරගෙන ඇත.
මෙම සංචාරය අතරතුර අද (04) පැවති නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7ක්ද අත්සන් කර තිබේ.
එම ගිවිසුම් සංචාරක, අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් අත්සන් කර ඇති බව සඳහන්ය.




