අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටා වෛරසය පැතිරී පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
MV Hondius නෞකාවේ වෛරස ආසාදිතයෙකු සහ සැක සහිත ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති අතර, මියගිය පිරිස අතර නෙදර්ලන්ත ජාතිකයින් දෙදෙනෙකුද සිටින බව සඳහන්ය.
එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, තවත් පිරිසකට අසාධ්‍ය තත්ත්වයක් පවතින බව වාර්තා වේ.
හන්ටා වෛරසය සාමාන්‍යයෙන් මීයන් වැනි සතුන් මගින් මිනිසුන්ට බෝවන අතර, දැඩි ශ්වසන අපහසුතා ඇති කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.




