WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ශ්‍රී ලංකා–මාලදිවයින් අතර ගිවිසුම් 7ක් අත්සන්

I
Ishanka Jayasuriya
May 4, 2026 · 1 min read
197 viewsf𝕏W
ශ්‍රී ලංකා–මාලදිවයින් අතර ගිවිසුම් 7ක් අත්සන්
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ සංචාරය අතරතුර ශ්‍රී ලංකාව හා මාලදිවයින් අතර අවබෝධතා ගිවිසුම් 7ක් අත්සන් කර තිබේ.
මෙම ගිවිසුම් සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර සහ ආරක්ෂක අංශ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පැවති නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව පැවති ද්විපාර්ශ්වික හමුව හා ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරිණ.
එහිදී ජනාධිපතිවරයා මාලදිවයින් ජනාධිපතිවරයාට සිය ස්තූතිය පිරිනැමූ අතර, දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.
එමෙන්ම දේශගුණික වෙනස්වීම් දෙරටටම පොදු අභියෝගයක් බව සඳහන් කරමින්, මුහුදු ජල මට්ටම ඉහළ යාම සහ ගෝලීය උෂ්ණත්වය වර්ධනය වීම පිළිබඳවද අවධානය යොමු කෙරිණ.
තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය, ධීවර හා කෘෂි සැකසුම්, සංචාරක සහ නාගරික යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සොයා බැලීමට එක්වන ලෙසද ජනාධිපතිවරයා මාලදිවයින් රජයට ආරාධනා කළේය.
මෙම සංචාරය සංකේතවත් කරමින් දෙරටේ මහ කොමසාරිස් කාර්යාල සඳහා ඉඩම් වෙන් කිරීම සම්බන්ධයෙන්ද එකඟතාවට පැමිණ ඇති බවද එහිදී ප්‍රකාශ කෙරිණ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
චෙම්මනි සමූහ මිනිවළෙන් තවත් සිරුරු 245ක අස්ථි හඳුනාගැනේ
Next
සංචාරක නෞකාවක හන්ටා වෛරසයෙන් මරණ 3ක්

More in Breaking News