WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

චෙම්මනි සමූහ මිනිවළෙන් තවත් සිරුරු 245ක අස්ථි හඳුනාගැනේ

I
Ishanka Jayasuriya
May 4, 2026 · 1 min read
199 viewsf𝕏W
චෙම්මනි සමූහ මිනිවළෙන් තවත් සිරුරු 245ක අස්ථි හඳුනාගැනේ
යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ චෙම්මනි සමූහ මිනිවළේ හයවන අදියරේ කැණීම් කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් පවතී.
එහි හයවන දින වූ ඊයේ (03) සිදුකළ කැණීම්වලදී මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන ඇති අතර, ඉන් 243කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීමට හැකිව තිබෙන බව නීතිඥ වි.කේ. නිරංජන් මහතා සඳහන් කළේය.
මෙම අදියරේ කැණීම් කටයුතු පසුගිය අප්‍රේල් 27 වනදා ආරම්භ කර ඇති අතර, පස්වන අදියර අවසන් වන විට මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන තිබූ අතර 239ක් ගොඩගැනීමට හැකිව තිබුණි.
මෙම කැණීම් කටයුතු කැළණිය සහ යාපනය විශ්වවිද්‍යාලවල විශේෂඥ කණ්ඩායම් එක්ව සිදුකරන අතර, හමුවූ අස්ථි කොටස් සහ අනෙකුත් භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ භාරයේ තබා ඇත.
මෙම කැණීම් සිදුකිරීමට පෙර ලබාගත් ස්කෑන් වාර්තාද සැලකිල්ලට ගනිමින් කටයුතු සිදුකරන බවද නිලධාරීන් සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අනුරාධ තෙන්නකෝන් CID හමුවට
Next
ශ්‍රී ලංකා–මාලදිවයින් අතර ගිවිසුම් 7ක් අත්සන්

More in Breaking News