කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තට අයත් ඉඩම් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්ට රහස් පොලිසිය විසින් කැඳවීමක් සිදුකර තිබේ.
ඒ අනුව, ඔහු අද (04) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට පැමිණ තිබුණි.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැඳවීම කර ඇති බව සඳහන් වේ.




