WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මාලදිවයින් ජනාධිපතිගේ නිල පිළිගැනීම ආරම්භ වේ

I
Ishanka Jayasuriya
May 4, 2026 · 1 min read
183 viewsf𝕏W
මාලදිවයින් ජනාධිපතිගේ නිල පිළිගැනීම ආරම්භ වේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට ආරම්භ වී ඇත.
මෙම සංචාරය 2023 වසරේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු මෙරට සිදු කරන පළමු නිල සංචාරය ලෙසද වාර්තා වේ.
උත්සවයෙන් අනතුරුව දෙරටේ නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරේ.
එමෙන්ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම අරමුණු කරගනිමින් අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද මෙම සංචාරය අතරතුර අත්සන් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
උත්සවයෙන් පසුව දෙරටේ නායකයින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කිරීමට නියමිත අතර, ජනාධිපතිවරයා ලබන 06 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මාලදිවයින් ජනාධිපතිගේ නිල පිළිගැනීම අද කොළඹදී
Next
අනුරාධ තෙන්නකෝන් CID හමුවට

More in Breaking News