මෙරටට නිල සංචාරයක් සඳහා පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරය යටතේ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂා කෙරේ.
එමෙන්ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද මෙම සංචාරය අතරතුර අත්සන් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙය 2023 දී මාලදිවයින් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඔහු සිදු කරන පළමු නිල සංචාරය වේ.
මේ අතර, සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව එළැඹෙන 06 වනදා දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.




